යුනාන් සහ ශ්රී ලංකාව අතර එකඟතාවයක්

චීනයේ යුනාන් සහ ශ්රී ලංකාව අතර සිදු කෙරෙන වෙළදාම් මෙන්ම ආයෝජන වැඩි දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා.
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන සහ චීන යුනාන් පළාත් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති චීන කොමියුනිස්ට් පක්ෂයේ යුනාන් පළාත් කමිටුවේ උප සභාපති, ගාඕ ෆෙන්ග් අතර හමුවක් පසුගියදා අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා.
එම අවස්ථාවේදීයි දෙරට අතර වෙළෙඳ හා ආයෝජන යෝජනා පිළිබඳ සාකච්ඡා සිදු කර ඇත්තේ.

