ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිය මත අඩු කරන ලද අත්තිකාරම් බද්ද ආපසු ගෙවයි

වයස අවුරුදු 60ක් හෝ අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සුවිශේෂී මූල්‍ය සහනයක් ලබාදීමේ ක්‍රියා පිළිවෙලක් ආරම්භ කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය යහපැවැත්මට සහාය වීමේ අරමුණින් බැංකු හෝ මූල්‍ය ආයතනය විසින් පොලී ආදායම් මත අඩු කරන ලද 5%ක්වූ අත්තිකාරම් ආදායම් බද්ද ඔවුන්ට ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


