අමෙරිකානු තානාපතිනි මහ බැංකු අධිපති හමුවෙයි

අමෙරිකානු තානාපතිනි මහ බැංකු අධිපති හමුවෙයි

අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවය ලබාගැනීමට සමත්වීම සම්බන්ධයෙන් ජූලි චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සුබ පැතූ බව වාර්තා වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගත හැකියාව ඇති බව චන්ග් මහත්මිය සඳහන් කළ බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන විට සියලුම ණයහිමි පාර්ශ්වයන්ට එකසේ සැළකීම වැදගත් බවත් ඊට සම්බන්ධ වන සියලුම පාර්ශ්වයන් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම වැදගත් බව චන්ග් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.