චීන නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව අද (25) කොළඹ වරායට සේන්දු වී තිබෙනවා
පහසුකම් ලබාගැනීම සඳහා එම නෞකාව කොළඹ වරායට පැමිණි බව වාර්තා වෙනවා.
නෞකාවේ පැමිණීම නෞකාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය ද පසුගිය දා අවසර ලබා දී ඇති බව වාර්තා වෙනවා.
“Shi Yan 6” නෞකාව භූ භෞතික ගවේෂණය සඳහා භූ කම්පන පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමට සහ විශ්ලේෂණය කිරීමේ හැකියාව සහිත නවීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක්.
එම නෞකාව නාරා ආයතනය සමඟ එක්ව පර්යේෂණයක් සිදුකිරීමට ද නියමිත අතර, “Shi Yan 6” නෞකාව දින 25ක පමණ කාලයක් මෙරට රැඳී සිටීමට නියමිත බව වාර්තා වෙනවා.
චීන සමුද්‍ර පර්යේෂණ නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව අප්‍රසාදය පළ කර ඇති අතර මේ හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

