ලංකා සතොසෙන් සහනයක්

ලංකා සතොස තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 04ක මිල පහත දමා තිබෙනවා.
ඒ අනුව සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 222 ක්.
රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 03කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 169ක් වෙනවා.
එමෙන්ම කඩල කිලෝග්‍රෑමයක් මිල ද රුපියල් 06කින් අඩුකර ඇති අතර ඒ අනුව, එහි නව මිල රුපියල් 549ක්.
රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 05කින් අඩු කර ඇති අතර, නව මිල රුපියල් 295ක් වනවා.

