ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කරයි

ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ දී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කර තිබෙනා.
සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.
ගැසට් නිවේදනයට අනුව ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 1,000ක්.
මීට පෙර රුපියල් 10000ට පැවති ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ලියාපදිංචි කිරීම සඳහා වන ගාස්තුව රුපියල් 15,000ක් විය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ජාතික හැඳුනුම්පත් පිළිබඳ විස්තරවල සත්‍යතාව සහතික කිරීම සඳහා වන ගාස්තුව මාර්ගගත ක්‍රමවේදය හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක, රුපියල් 25ක් ලෙසත්, භෞතික ලේඛන මඟින් හෝ කොමසාරිස් ජනරාල්වරයා හට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 500ක් ලෙසත්. අය කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
එම නිවේදය පහතින් දැක්වේ.


