රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් ඉල්ලයි

රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් ඉල්ලයි

මෙවර අය වැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් අවශ්‍ය බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා.

කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක් වෙමින් එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මේ බව කියා සිටියා.

මේ අතර ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහද ඊයේ ගුරු විරෝධතාවට එල්ල වූ ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරය හෙලා දකිමින් එහිදී අදහස් පළ කළා.

සමස්ත ලංකා රාජ්‍ය කළමානාකර සහාකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදේණි දිසානායක එම මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියේ ජීවන වියදමට සරිලන වැටුප් වැඩි විමක් අවශ්‍ය බවයි.

මාධ්‍ය හමුවට එක් වූ දුම්රිය වෘත්තීය සමිති සංධානයේ සම කැඳවුම්කරු ඩී එම් පී අබේරත්න කියා සිටියේ වැටුප් වැඩි වීමක් සිදු නොවන්නේ නම් ඉදිරියෙදී සියලු වෘත්තිය සමිති එක්ව දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කරන බවයි.

COMMENTS