පිටකොටුවේ ගින්නක්

පිටකොටුවේ ගින්නක්

පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිලි ළෙඳසැලක අද (27) උදෑසන 09.30ට පමණ ගින්නක් හටගැණුනා.

ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වෙනවා.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ, ගින්නෙන් රෝහල් ගත කළ පිරිස 23 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 8ක් පමණ යොදාගත් බවයි.

පොලීසිය සඳහන් කළේ ගින්නෙන් තවත් වෙළෙදසැල් කිහිපයකට හානි සිදුව ඇති බවයි.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිටකොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

COMMENTS