රාජ්‍ය සේවයේ රැකියා අපේක්ෂාවෙන් සිටි 1500කට පත්වීම්

සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 3ක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක් බඳවා ගැනීම කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.
ඊයේ රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
ඒ අනුව සෞඛ්‍ය බඳවා ගැනීම් සඳහා ප්‍රමුඛත්වය දෙන බවත් අදාළ බඳවා ගැනීම් පිළිබඳ නිශ්චිත තීරණයක් ඉදිරි දින කිහිපය තුළ ලබා දෙන ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රජයට ආදායම් ලබා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පවා පුරප්පාඩු පවතින අතර ඊටත් වඩා ප්‍රමුඛත්වයකින් සෞඛ්‍ය සේවයේ බඳවා ගැනීම් සඳහා කටයුතු කරන බවයි.

