සුරාබදු බලපත්‍ර ක්‍රමය සංශෝධනය කෙරේ

සුරාබදු බලපත්‍ර ක්‍රමය සංශෝධනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ මේ යටතේ දැනට ලබාදී ඇති සුරාබදු බලපත්‍ර හය දහස සමාලෝචනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවයි.
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය ඉහළ යාම වළක්වා ගැනීමද මෙහි අරමුණක් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

