ඩයනාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරයි

ඩයනාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළ බව වාර්තා වෙනවා.

ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ප්‍රකාශ කළා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින්, සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීම අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනු කළා.

පෙත්සම්කරු ඉල්ලා තිබුණේ ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

මන්ත්‍රීවරියට බ්‍රිතාන්‍යයට අයත් විදෙස් ගුවන් බලපත්‍රයක හිමිකාරිණියක් බවත්, ඒ හේතුවෙන් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොමැති බවත් පෙත්සමෙන් පෙන්වා දී ඇත.

COMMENTS