ලෝක බැංකු නියෝජිත පිරිස නිරීක්ෂණ අරඹයි

ලෝක බැංකු නියෝජිත පිරිස නිරීක්ෂණ අරඹයි

2024 වර්ෂයට අදාළ අයවැය සකස්කිරීමේදී ලැබී ඇති කිසිදු ඉල්ලීමක් ඉවත නොදමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

මේ අතර ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ඈන් බිජර්ඩ් ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් විශේෂ සංචාරයක් සදහා මෙරටට පැමිණ තිබෙනවා.

ඔවුන්ගේ සංචාරයේ එක් අරමුණක් වී ඇත්තේ ලෝක බැංකුවේ ආධාර මත රට තුළ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිවල තත්වය සොයා බැලීමයි.

ඊට අමතරව ඔවුන් හෙට දිනයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වෙන බහුපාර්ශවීය මූල්‍ය නියෝජිතයාතනවල සමුළුවකට ද එක්වීමට නියමිතයි.

එමෙන්ම මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තවදුරටත් දියුණුවක් අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසනවා.

එහි කළමනාකරණ අධ්‍යක්ෂ ඈන් බිජර්ඩ් මේ බව කියා සිටියේ ලෝක බැංකු අධාර මත ක්‍රියාත්මක වන රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය නිරීක්ෂණයට එක්වෙමින්.

එම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ඇතුලු පිරිසක් එක්ව සිටි අතර අමාත්‍යවරයා එහිදී සදහන් කළේ ඇඹුල් කෙසෙල් අපනයනය කිරීමේ ව්‍යාපෘතිය හරහා මෙරටට සැළකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට හැකි වී ඇති බවයි.

COMMENTS