2024 සිට වැට් බද්දත් වැඩිවෙයි

2024 සිට වැට් බද්දත් වැඩිවෙයි

එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18ක් දක්වා වැඩි කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණයක් අනුවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති පරිදි බදු ආදායම් සහ ප්‍රාථමික ශේෂ ඉලක්කයන් සපුරාගැනීමට හැකිවන පරිදි මෙලෙස වැට් බද්ද ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව වාර්තා වෙනවා.

එමෙන්ම දැනට එකතු කළ අගය මත වන බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත එකී බද්ද පැනවීම ඇතුළු නව බදු යෝජනා කිහිපයක් 2024.01.01 සිට ක්‍රියාත්මක කිරීමටත් අදාළ නීති සංශෝධනය කිරීම සඳහා මෙහිදී කැබිනට් අනුමැතිය හිමි වූ බව වැඩිදුරටත් වාර්තා වෙනවා.