ඉන්ධන මිලේ වෙනසක්

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 9කින් පහත දමා ඇති අතර, එහි නව මිල රුපියල් 356කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 423කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356ක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
සුපිරි ඩීසල් ලීටරයක්ද රුපියල් 10කින් ඉහළ යන අතර එහි නව මිල රුපියල් 431ක් වෙයි.
රුපියල් 242ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 249කි.
මේ අතර ලංකා IOC සමාගම ද දැනුම්දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බවය.

මේ අතර සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
එම විස්තර පහතින්,


