සාක්ෂරතාව ඉහළ නැංවීමට නව අවබෝධතා ගිවිසුමක්

සාක්ෂරතාව ඉහළ නැංවීමට නව අවබෝධතා ගිවිසුමක්

සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා Room to Read සංවිධානය හා අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට අනුමැතිය හිවිව තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නූගත්කම සහමුලින්ම තුරන් කිරීමට සහ අධ්‍යාපනය සඳහා සියලුදෙනාට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතුයි.

එහිදී රජය විසින් සියලු පහසුකම් සැපයීම අපහසු කාර්යයයක් වන බැවින් වෙනත් පාර්ශ්වයන්ගේ සහය ඒ සඳහා ගන්නා බවයි සඳහන් වන්නේ.

ඒ අනුව 2005 වර්ෂයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් Room to Read සංවිධානය හා එක්ව කියවීම වර්ධනය කිරීමේ වැඩසටහන හා ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මකයි.

එම වැඩසටහන තවදුරටත් පුළුල් කර මේ වසරේ දෙසැම්බර් 01වනදා සිට වසර 05ක් ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ Room to Read සංවිධානය අතර නව අවබෝධතා ගිවිසුමට එළැඹීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

COMMENTS