මත්පැන් නිෂ්පාදන සමාගම් කිහපයක බලපත්‍ර අත්හිටුවයි

මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවා තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ හිඟ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙම බලපත්‍ර අත්හිට වූ බවයි.
මෙලෙස බලපත්‍ර අහෝසි කර තිබෙන්නේ ඩබ්ලිව් එම් මෙන්ඩිස්, රන්දෙණිගල සහ වයඹ ඩිස්ටිලරීස් ඇතුළු සමාගම් 5ක් බව වාර්තා වෙනවා.
සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ සඳහන් කළේ දීර්ඝ කාලයක සිට හිඟ බදු නොගෙ වූ එම සමාගම්වල වාර්ෂික බලපත්‍රය පසුගිය ඔක්තොම්බර් 30 වනදා අවසන් වූ පසු එම බලපත්‍ර අලුත් නොකල බවයි.
ඒ අනුව අදාල සමාගම්වලට මත්පැන් නිෂ්පාදනය සහ තොග බෙදා හැරීම ද තහනම් කර තිබෙනවා.

