විධිමත් සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමට ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්

විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය, වෛද්‍ය උපකරණ, ශල්‍ය උපකරණ, ඇතුළු අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව කටයුතු කරන ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍යංශයේ සියළු ප්‍රධානීන් සමග ඊයේ (02) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
එමෙන්ම දන්ත චිකිත්සකවරුන් දහසක ප්‍රමාණයක් මෙරට දන්ත සෞඛ්‍ය සේවා කටයුතු සඳහා අවශ්‍ය නමුත් දැනට සේවා කටයුතුවල නිරත වන සංඛ්‍යාව 350ක් බවයි එහිදී අනාවරණය වුණේ.
හිග චිකිත්සකවරුන් පුහුණු කිරීම සම්බන්ධයෙන් පවතින බාධාවන් ඉවත් කර පුහුණු කිරීම් කඩිනම් කරන ලෙස ද එහිදී උපදෙස් ලබා දුන්නා.

