මෙරට රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත් කරයි

ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත්කළ බව ක්‍රීඩා අමාත්‍යංශය පවසනවා.
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සඳහා එල්ල වන දේශපාලන බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර රග්බි නීති උල්ලංඝනය වී ඇති බව දක්වමින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමට ලෝක රග්බි සම්මේලනය විසින් පසුගිය මැයි මස 18වැනිදා තීරණය කළා.
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව මීට පෙර ආසියානු රග්බි සම්මේලනයේ තහනමකට ද ලක්ව තිබුණා.
අදාළ තහනම ක්‍රියාත්මක වන කාලයේ දී ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරඟවලට සහභාගීවීමේ දී නොයෙක් සීමාවන්ට යටත්වීමට ද සිදුව තිබුණා.
එම නිවේදනය පහත දැක්වේ


