සීනි සඳහා උපරිම සිල්ලර මිලක්

සීනි සඳහා උපරිම සිල්ලර මිලක්

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සුදු සීනි පැකට් නොකළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 275ක් සහ පැකට් කළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 295ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

එසේම දුඹුරු සීනි පැකට් නොකළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක් සහ පැකට් කළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල්350ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙම මිල ගණන් ඊයේ (03) සිට ක්‍රියාත්මක වෙනවා.