තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල දෙවන වතාවටත් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.89 ක් ලෙස සටහන් වන අතර එය සියයට 2.36 ක පහළ යෑමක් ලෙසයි සටහන් වී ඇත්තේ.
ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සියයට 1.96 කින් පහළ ගොස් ඇති අතර එය ඇමරිකානු ඩොලර් 80.51 ක් වී තිබෙනවා.
ඇමරිකාව සිය ඉන්ධන නිෂ්පාදනය ඉහළ දැමීම සහ තවත් හේතු කිහිපයක් මෙලෙස බොරතෙල් මිල පහළ යෑමට බලපා ඇති බවයි විශේෂඥයන්ගේ අදහස වී ඇත්තේ.

