උත්සව සමයේ රස කැවිලි මිලත් ඉහළ යන ලකුණු

ආනයනික සීනි කිලෝවක් සදහා බදු පැනවීමත් සමග ඉදිරි උත්සව සමයේ වෙළෙඳපොල රසකැවිලි අශ්‍රිත නිෂ්පාදනවල මිල වැඩි වන බව සමස්ථ ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති නිලුක්ෂ කුමාර කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ බලධාරීන් පැනවූ පාලන මිල වෙළෙඳපොලේ ක්‍රියාත්මක නොවන බවයි.
මේ අතර ගෑස් සහ සීනි මිල ඉහළ ගියද බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි සභාපති එන්.කේ. ජයවර්ධන කියා සිටියේ බේකරි නිෂ්පාදනවලින් මේ වන විට පාරිභෝගික ජනතාව ඈත්වීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බවයි.
එමෙන්ම පාලන මිල ඉක්මවා වෙළෙඳපොලේ සීනි අලෙවි කරන වෙළෙඳුන් සොයා අඛන්ඩව වැටලීම් සිදු කරන බවයි පාරිභෝගික අධිකාරියේ සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල කියා සිටියේ.
මේ අතර ගෑස් මිල ඉහල නැංවීම සහ විදුලි ගාස්තු වැඩි කිරීමට විරෝධය පල කරමින් ප්‍රදේශ රැසක ජනතාව පෙරේද (04) රාත්‍රියේ විරෝධතාවල නිරත වූණා.

