විහාරමහාදේවි උද්‍යානයේ පරිපාලනය කොළඹ මහ නගර සභාවට

විහාරමහාදේවි උද්‍යානයේ පරිපාලනය කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් මෙම උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.
කොළඹ මහ නගර සභාව යටතේ පැවති විහාරමහාදේවී උද්‍යානය 2011 වසරේ දී නවීකරණ කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගනු ලැබීය.

