ක්‍රිකට් අනුකමිටුව ගැන ඇමතිගෙන් තීරණයක්

ක්‍රිකට් අනුකමිටුව ගැන ඇමතිගෙන් තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වන අක්‍රමිකතා නිසා ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලට යන බව පවසමින් දිගින් දිගටම ආ ජනතා විරෝධය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු කමිටුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

නමුත් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කළේ තමන් පත් කළ අතුරු පාලක කමිටුව කිසිසේත්ම ඉවත් නොකරන බව තමන් ජනපතිට දැනුම් දුන් බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තමන් පත් කළ ක්‍රීඩා අනුකමිටුව පිළිබඳව හෙට (08) විශේෂ ප්‍රකාශයක් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැඟී ඇති ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා විශේෂ කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට ඊයේ (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබුවා.