සූදු ශම්මි ද ? රොෂාන් රණසිංහ ද ? ජනපතිතුමා තීරණය කළ යුතු යි – ක්‍රීඩා ඇමති (Video)

“ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන්, සූදු ශම්මි ද ? රොෂාන් රණසිංහ ද ?” යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රකාශයක් කළේ ය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ‘ක්‍රිකට් ක්‍රීඩාව සහ එහි ඉරණම’ යන මාතෘකාව යටතේ අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එහිදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ,
“2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී පැවැත්විණි. මේ සඳහා අප රට නියෝජන කරමින් ක්‍රීඩකයින් 20ක් සහ සහායක නිලධාරීන් 13ක් ද, ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් 16ක් ද සහභාගී විය. එනමුත් මෙම තරගාවලිය අතරතුර තරග පරාජයන්ට අමතරව. ක්‍රීඩකයින් සඳහා මෙන්ම ක්‍රිකට් ආයතනයට එරෙහිව විවිධාකාර විනය විරෝධී සහ මූල්‍ය චෝදනාවන් එල්ලවනු ලැබීය. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල මණ්ඩලයක් පත්කරන ලද අතර එම චෝදනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ වාර්තාවක් එළිදක්වන ලදී. එම වාර්තාව නැවත වතාවක් මම සභාගත කරනවා අද.”
එහිදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා එම පරීක්ෂණ වාර්තාවට අනුව තමන් විසින් පංච පුද්ගල කමිටු වාර්තාව ජනාධිපති වෙත යොමුකිරීම, එම පංච පුද්ගල වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීම සිදුකළ බවද පැවසීය.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන තිබේ.
එම තීරණය ගෙන ඇත්තේ, අද (08) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ය.
එය හෙට (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරුවේ ඡන්දයක් පැවැත්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

