තෙල් මිලේ වෙනසක්

තෙල් මිලේ වෙනසක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (07) කැපී පෙනෙන ලෙස අඩුවීමක් පෙන්නුම් කළා.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 2යි ශත 30 කින් පමණ පහත වැටුණු අතර, එය සටහන් වුණේ ඩොලර් 82 යි ශත 88 ක් ලෙසයි.

එය පසුගිය ජූලි අවසන් සතියෙන් පසු වාර්තාවූ පහළම අගය වනවා.

මේ අතර ගෝලීය ආර්ථික තත්වයේ බලපෑම් ගැන නොසිතා අඛන්ඩව තෙල් ඉල්ලුම සම්බන්ධයෙන් කටයුතු කරන බව ඔපෙක් සංවිධානයේ මහ ලේකම් හයිතම් අල් ගයිස් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් සෞදි අරාබිය සහ රුසියාව මේ වනවිටත් ඔවුන්ගේ ඉන්ධන නිෂ්පාදනය සහ අපනයන කප්පාදුව මේ වසර අවසන් වනතෙක් ක්‍රියාත්මක කරන බවයි සඳහන්ව ඇත්තේ.

COMMENTS