ලාදුරු රෝගය මර්දනයට අලුත් වැඩක්

ලාදුරු රෝගය මර්දනය හා පාලනය කිරීම වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන එක්ව සිදු කළ විශේෂ වැඩසටහනක් ඊයේ (08) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවත්වුණා.
මෙම වැඩසටහන සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රධනත්වයෙන් ‘ලාදුරුවලින් තොර ජාතියක්’ යන්න තේමා කරගනිමින් සිදු කර තිබෙනවා.
මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ලාදුරු මර්ධන ව්‍යාපාරයේ වත්මන් අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර ලාදුරු මර්දනය කිරීමට හා පාලනය කිරීම වෙනුවෙන් නව වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් එයට නව පණක් ලබා දී ඇති බවයි.
මහජනතාව ලාදුරු රෝගය පිළිබඳව දැනුවත් කළ යුතු බවත්, බෝවන රෝග මෙන්ම බෝ නොවන රෝග පිළිබඳවත් ජනතාව දැනුවත් කළ යුතු බව මෙහිදී අවධානයට යොමු වී තිබෙනවා.
ලාදුරු රෝගය මර්දනයට මෙන්ම පාලනය කිරීමට ගත් පියවර අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී තිබුණා.

