මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිගේ සේවය අත්හිටුවයි

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිගේ සේවය අත්හිටුවයි

අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ – සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක අල්ලසක් ලබා ගනිමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

ඒ අනුව සභාපතිවරයා ඇතුළු තිදෙනා අතරට සබරගමුව හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු ද ඇතුලත්.

සභාපතිවරයා ඔහුගේ කාර්යාලයේදී ම අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ, බත්තරමුල්ල සුපිරි වෙළඳසැලක් තුළදී යිි.