ශම්මිගේ කතා බොරු – ESPNcricinfo වෙබ් අඩවිය

ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඊයේ (11) මාධ්‍ය හමුවක් පත්වමින් කියා සිටියේ ජුලි මාසයේ දී ක්‍රිකට් තහනම් කිරීමට ICC විසින් පියවර ගැනීමට යාමේ දී තමන් මැදිහත්ව එය නැවැත්වූ බවයි.
ESPNcricinfo වෙබ් අඩවිය මෙම ප්‍රකාශය පිළිබඳව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.
වෙබ් අඩවිය තොරතුරු වාර්තා කර ඇත්තේ 2022 දී ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ම ICC වෙත පැමිණිලි සිදුකර ඇති බවයි.
ESPNcricinfo වෙබ් අඩවිය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ 2022 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව ICC වෙත පැමිණිලි කිරීමෙන් පසුව කරුණු සෙවීම සඳහා ශ්‍රී ලංකාවට ICC සාමාජිකයන් පැමිණ ඇති බවයි.
දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව මූලික සාක්ෂියක් ICC ට සොයා ගැනීමට නොහැකි වී ඇති බව ESPNcricinfo වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරනවා.

