ක්‍රිකට් ගැටළුව සාකච්ඡාවෙන් විසඳා ගත යුතුයි – නාමල්

ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලනඥයන්ගේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවත් එසේ නොවුණහොත් අවසානයේදී අපහසුතාවට හා අගතියට පත්වන්නේ ක්‍රීඩකයන් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ ඊයේ (12 දා) පැවසීය.
තමා ක්‍රීඩා ඇමැතිවරයාව සිටියදී පරිපාලන ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත් බවත් එසේ කළේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයන්ගේ අනාගතය ගැන සිතා බවත් ඔහු කීය.
මෙම දේශපාලන හා ක්‍රිකට් පරිපාලන ගැටුම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ක්‍රිකට් තහනම් කර ඇති බවත්, මෙසේ ක්‍රීඩා තහනම නිසා වාර්ෂිකව ඩොලර් මිලියන 100 ක් පමණ සෘජු සහ වක්‍රව රටට අහිමිවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
විශේෂයෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර පරිපාලන ගැටලු නිරාකරණය කර ගැනීමට ක්‍රීඩාව පාවිච්චි නොකළ යුතු බව ද ඔහු තවදුරටත් කියා සිටියේය.

