ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

කොළඹ මහනගරසභා සීමාව, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල දෛනික ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වේ.

ඊයේ (12) දින කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවල දින 5 ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්ද සංවිධානය කර තිබුණා,

මේ දිනවල පවතින වර්ෂාපතනයත් සමග ඉදිරියේදී තවදුරටත් ඩෙංගු අවධානමක් පැවතිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න මහතා, පැවසුවේ ය.

ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දෙන්නේ තමන් අවට පවතින මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත් කරන ලෙසයි.

මේ වන විට දිවයින පුරා වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැත්තදහසේ සීමාව පසු කර ඇත.

මේ මාසය වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2300 ක්.

COMMENTS