දිස්ත්‍රික්ක 6 කට පැනවූ නායයෑමේ අවධානම තවදුරටත්

දිස්ත්‍රික්ක 6 කට පැනවූ නායයෑමේ අවධානම තවදුරටත්

පවතින වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 6 කට පනවා තිබූ නායයෑමේ අවධානම තවදුරටත් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම අවධානම ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කළේ ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායු ගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.

COMMENTS