2024 අය වැය යෝජනාවලිය

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව අද (13) පාර්ලිමේන්තුවේ දී මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාව ආරම්භ කළා.
2024 අය වැය
මේ වසරේ අපේ බදු ආදායම රුපියල් බිලියන 3,415යි.
රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය මිලියන 1.3යි.
බදු ක්‍රමයේ වෙනසක් සිදු කළ යුතුයි.
නුවරඑළියට නව විශ්ව විද්‍යාලයක්
රාජ්‍ය සේවකයින්ගේ ජිවන වියදම් දීමනාව 10,000කින් වැඩි කෙරේ.
විශ්‍රාමිකයන් සඳහා ජීවන වියදම් දීමනාව 2500කින් වැඩි කරනවා.
වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුපට දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය 8%ක් දක්වා වැඩි කරනවා.
සියලු රජයේ සේවකයින්ට පෙර පරිදිම ආපදා ණය ලබා දීමට කටයුතු කරනවා.
සමාජ ආරක්ෂණ සැලසුම් ලෙස අස්වැසුම වැඩසටහනට තුන් ගුණයකින් ප්‍රතිපාදන ඉහළ නංවනවා.
වැඩිහිටි පුරවැසියන් සඳහා වන රුපියල් 2000ක මාසික දීමනාව රුපියල් 3000ක් දක්වා වැඩි කරනවා.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා රුපියල් බිලියන 30ක ණය පහසුකම් ලබා දීමට කටයුතු කරනවා.
නාගරික නිවාස හිමිකම් අඩු ආදායම්ලාභීන් සඳහා කුලී පදනමට ලබා දී තිබෙනවා. මේ පවුල්වලින් කුලිය අය කර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරනවා. එමෙන්ම මෙම නිවාසවල පූර්ණ අයිතිය ඔවුන්ට ලබා දෙනවා.
2024 වසරේ දී පවුල් 50,000කට පමණ කොළඹ නිවාස අයිතිය ලබා දෙනවා. ඉඩම් හා නිවාස අයිතිය පූර්ණ වශයෙන් ජනතාවට ලබා දීමට කටයුතු කරනවා. මේ ක්‍රමය අනුව මෙරට ජනගහනයෙන් 70%ක් පමණ ඉඩම් සහ නිවාස අයිතිකරුවන් බවට පත් වෙනවා.
වතුකරයේ නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා. මෙහි මූලික පියවර ලෙස බිලියන 4ක මුදලක් වෙන් කරනවා.
බිම්සවිය වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 600ක්.
ආබාධ හා වකුගඩු රෝගීන් සඳහා වන දීමනාව රුපියල් 5000 සිට 7500 දක්වා ඉහළ දමනවා.
ආර්ථික අර්බුදය සඳහා නවතා දැමූ ව්‍යාපෘති යළි ඇරඹීම සඳහා බිලියන 55ක අතිරේක ප්‍රතිපාදන යොදවනවා.
කඳුකර ප්‍රදේශවල පොදු පහසුකම් නංවාලීම සඳහා රුපියල් බිලියන 10ක්.
අබලන් ග්‍රාමීය මාර්ග නඩත්තු කිරීම සඳහා රුපියල් බිලියන 10ක්.
නව විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමට පියවර.
පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට පියවර.
ස්වභාවික විපත් නිසා හානියට පත් පාලම්, මාර්ග, නඩත්තු කිරීම සඳහා රුපියල් බිලියන 2ක්.
දේශීය ආයුර්වේද සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීමට රුපියල් මිලියන 100ක්.
බදුල්ලට හෘද සහ පෙනහළු පුනර්ජීවන ඒකකයක් ලබා දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 300ක්.
ලංකාවේ වෛද්‍ය පර්යේෂණ සෙසු රටවල මට්ටමට ගෙන ඒම සඳහා කටයුතු කරනවා. එහි මුල් අදියර සඳහා රුපියල් මිලියන 75ක්.
ඖෂධ ප්‍රසම්පාදනය සඳහා මාර්ගෝපදේශ සැකසීම සඳහා වෙනම ආයතනයක් පිහිටුවනවා.
ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක්.
පුහුණු පාඨමාලා සඳහා ශ්‍රී ලංකා පදනමට රුපියල් මිලියන 150ක් වෙන් කිරීමට කටයුතු කරනවා.
වාණිජ බැංකු හරහා ණය ක්‍රමයක් යෝජනා කරනවා. රැකියාවක් ලබා ගත් පසු ඒ ණය ආපසු ගෙවීමට හැකියාවක් ලබා දෙනවා.
මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 200ක්.
මහා පරිමාණයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අක්කරයකට ලක්ෂ තුනක්.
වී නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 2500ක්.
කොළඹ වතු ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කිරීම සඳහා නව වැඩසටහනක්.
පාසල් සහ පළාත් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීම සඳහා බිලියන 1.5ක් වෙන් කරනවා.මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරය සඳහා ඉදිරි වසර සඳහා මිලියන 200ක් යොදවනවා.
බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 250ක්.
මහා විහාර විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට එහි මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 450ක්.
අතුරුදන්වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනම් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1000ක්.
පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය සඳහා තවත් මිලියන 2500ක් වෙන් කිරීමට කටයුතු කරනවා.
පූනරින් නගරය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500ක් ලබා දෙනවා.
යාපනයේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 250ක් ලබා දෙනවා.
උතුරු නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුම් නිමා වුුුවත් තවමත් නැවත පදිංචි නොකළ තැන් තිබෙනවා. ඒ සඳහා මෙවර රුපියල් මිලියන 2000ක්.
කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ද නීති හඳුන්වා දෙනවා.
පිටකොටුව ගාල්ල මාතර අනුරාධපුර යාපනය වැනි මහා නගර ආශ්‍රිතව දුම්රිය ස්ථානය නගර ඉදිකිරීම සඳහා දෙස් විදෙස් ආයෝජන කැඳවීමට යෝජනා.
ජනසභා ලේකම් කාර්යාල පිහිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 700ක්.
ජනවාරි 1 වැනිදා සිට මහ නගර සභාවලට වැටුප් ගෙවීම සඳහා 80%ක මූල්‍ය ණයක් ලබා දෙනවා.
හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපළ මූලික කටයුතු සඳහා රුපියල් බිලියන 2ක්.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩකටයුතු චීනය සමඟ එක්ව ආරම්භ කරනවා.
ජනසභා ලේකම් කාර්යාල පිහිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 700ක්.
ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ පූර්ණ ධාරිතාවක් අත්කර ගැනීම සඳහා මාස තුනක විශේෂ සැලැස්මක්.
රාජ්‍ය බැංකු දෙකේ කොටස්වලින් 20%ක් ආයෝජකයින්ට.
ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට රුපියල් බිලියන 7350 දක්වා වැඩි කරයි.
ශ්‍රී ලංකා රේගු නීති නවීකරණය කිරීමට පියවර ගැනේ.
ඉන්දියාව සමඟ ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක්.
පින්නවල – කිතුල්ගල සංචාරක කොරිඩෝවක් – වසර 03ක ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කෙරේ.
ජාත්‍යන්තර දේශගුණ විපර්යාස විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට කොත්මලේ ජලාශයට ඔබ්බෙන් ඉඩම් අක්කර 600ක් වෙන් කෙරේ.

