ආර්ථික අර්බුදයට කිසිම විසඳුමක් මේ අය වැයේ නෑ

රටේ පවතින ගැඹුරු ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් මේ අය-වැය තුළින් ඉදිරිපත්ව නැතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (13) පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අය-වැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් දිසානායක මහතා මේ බව පැවසුවේය.
අය-වැයේ මුල් කොටස පාපෝච්ඡාරණයකින් සමන්විත වූ බවත් එමඟින් අවුරුදු 75ක කාලයක් කණ්ඩායම් දෙකක් මාරුවෙන් මාරුවට බලයට පත්වී ලබාගත් ප්‍රතිඵලය ගැන කතා කළ බවත් කීවේය. එයින් මිදීමට අවශ්‍ය බව කියමින් නැවතත් යෝජනා කර ඇත්තේ ණය ගැනීම, මුදල් අච්චු ගැසීම සහ විකිණීම යන පැරණි ක්‍රියාවලියම බව ද හෙතෙම කීවේය.

