රටේ ආර්ථික විනාශ කළ පිරිස

රටේ ආර්ථික විනාශ කළ පිරිස

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මීට අමතරව හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් යන අයට ද මෙම තීන්දුව අදාළයි.

ශ්‍රේෂ්ඨාධිකරයේ අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මෙම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති කර ඇතැයි තීන්දු කර තිබෙනවා.

මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙම තීන්දුව ලබා දුන්නා.

විනිසුරු මඩුල්ල වගඋත්තරකරුවන් විසින් පෙත්සම් කරුවන්ට රුපියල් එක් ලක්ෂ පනස් දහස බැඟින් ගාස්තු ගෙවිය යුතු බව සඳහන් කර තිබෙනවා.