එක්දින ලෝක කුසලානයක වැඩිම ලකුණු කෝලිගෙන්

නවසීලන්තයට එරෙහිව මුම්බායි හි වන්කඩේ ක්රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය ක්රීඩක විරාත් කෝලි එක්දින ලෝක කුසලානයක වැඩිම ලකුණු රැස්කළ සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්තාව බිඳ දැමීමට සමත් වුණා.
විරාත් රැස් කළේ, සිය එක්දින දිවියේ 50 වැනි ශතකයයි.
සචින් තෙන්ඩුල්කාර් 2003 දී ලකුණු 673ක් ලබා සිටියා.
මීට පෙර තරඟයේ දී 35 හැවිරිදි කෝලි එක් ලෝක කුසලානයක ලකුණු 600 රැස්කළ තෙවැනි ඉන්දීය පිතිකරුවා බවට පත් වුණා.

