දියවැඩියාවෙන් ලක්ෂ 3කට පෙනීම අහිමි වේ

දියවැඩියාවෙන් ලක්ෂ 3කට පෙනීම අහිමි වේ

දියවැඩියා රෝගයෙන් පෙලෙන්නේ නම් වසරකට එක්වරක් නොවරදවාම අක්ෂි පරීක්ෂණයකට යොමු වන ලෙස අක්ෂි විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලීම් කරනවා.

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් ජාතික අක්ෂි රෝහලේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මේ පිළිබඳව සඳහන් කොට සිටියා.

මෙරට ජනතාවගෙන් මිලියන 3ක් දියවැඩියාව සඳහා ප්‍රතිකාර ගන්නා අතර තවත් ලක්ෂ 3ක් දියවැඩියාව හේතුවෙන් අන්ධභාවයට පත්ව ඇති බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටියේ.