වැල්ලම්පිටිය පාසලේ අනතුර පිළිබඳ විමර්ශනයක්

වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එම විමර්ශනය සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලය සඳහන් කළේ එම පාසල වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.
ඊයේ (15) දහවල් අදාළ පාසලේ ජල කරාම සවි කර තිබූ කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් දෑත් සෝදමින් සිටි පළමු ශ්‍රේණියේ සිසු සිසුවියන් 06 දෙනෙකු එම බැම්මට යට වී අනතුරට ලක් වුණා.
අනතුරෙන් තුවාල ලැබූ එක් සිසුවියක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය අතර, තවත් පස් දෙනෙක් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
එම සිදුවීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් පිරිසක් පාසලේ විදුහල්පතිවරයාට ද පහරදීමක් සිදු කර ඇති බව වාර්තා වෙනවා.
පාසලේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් එම පාසලේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර, යළි අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිදු කිරීමට නියමිතයි.

