නවක හෙද හෙදියන් 2519කට පත්වීම් ප්රදානය අද

මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2519කට පත්වීම් ලිපි ප්රදානය අද (17) සිදු කෙරෙනවා.
ඒ, අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.
2018 වසරේ බදවා ගත් සිසු හෙද කණ්ඩායම යටතේ 2020 වසරේ ජනවාරි මාසයේ පුහුණු වීම් ආරම්භ කර සාර්ථකව පාඨමාලා සම්පූර්ණ කරන ලද සිසු හෙද හෙදියන් 2519 දෙනෙකු මෙහි දී පත්වීම් ලැබීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
මේ වන විට දිවයින පුරා හෙද නිලධාරීන් 42,000කට අධික ප්‍රමාණයක් සේවය කරන අතර, මෙම බඳවා ගැනීමත් සමඟ මෙරට හෙද – හෙදියන්ගේ සංඛ්‍යාව 45,000 ඉක්මවා යාමට නියමිතයි.

