විභාග කොමසාරිස්ගෙන් විශේෂ හෙළිදරව්වක්

විභාග කොමසාරිස්ගෙන් විශේෂ හෙළිදරව්වක්

පසුගිය වසර හා සැසදීමේ දී මෙවර ශිෂ්‍යත්වය තුළින් දරුවන්ගේ සාධන මට්ටම ඉහළ ගොස් ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ප්‍රකාශ කළා.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා පැවසුවේ, කඩයිම් ලකුණ ඉහළ ගොස් ඇත්තේ‍, දරුවන්ගේ සාධනය ඉහළ යෑම නිසා බවයි.

පසුගිය වසර දෙකටම වඩා මෙවර ශිෂ්‍යත්ව දරුවන්ගේ යම් ප්‍රගතියක් වාර්තා වන බවත්, මෙය සාධනීය තත්ත්වයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ප්‍රතිඵලය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි දරුවෙක් සිටී නම්, විදුහල්පතිවරයා විසින් ඒ පිළිබඳ අභියාචනා ඉදිරිපත් කළ හැකි බව පැවසු විභාග කොමසාරිස්වරයා මෙවර අභියාචනා භාරගැනීමේ යම් වෙනසක් සිදු කර ඇතැයි ද පැවසීය.

අභියාචනා භාරගැනීම නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4 වනදා දක්වා මාර්ගගත පද්ධතියක් ඔස්සේ සිදු කිරීමට නියමිතයි.

අභියාචනා සලකා බලා ඉතා ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද විභාග කොමසාරිස්වරයා පැවසීය.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සියයට 77 ඉක්මවූ පිරිසක් ලකුණු 70 සීමාව ඉක්මවා යාමට සමත්ව ඇති බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළා.

විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සිසුන් 258,871 දෙනෙකු එම සීමාව පසුකර යාමට සමත්ව ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 77.75ක්.

ලකුණු 100 ඉක්මවූ පිරිස 150,017ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 45.06ක්.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දී කඩඉම් ලකුණ ඉක්මවූ ප්‍රතිශතය සියයට 15.22ක්.

මෙවර විභාගය සඳහා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 849 දෙනෙකු පෙනී සිට ඇති අතර ඉන් 07 දෙනෙකු ද කඩඉම් ලකුණු සීමාව ඉක්මවා යාමට සමත්ව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේය.

COMMENTS