ට්‍රැක්ටර් අනතුරකින් 08 දෙනෙක් රෝහලේ

ට්‍රැක්ටර් අනතුරකින් 08 දෙනෙක් රෝහලේ

අද (18) හැටන් සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ට්‍රැක්ටර් රථයක පසුපස ටේලර් කොටස ගැලවීයාමෙන් පුද්ගලයන් 08 දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.

හැටන් පොලීසිය ප්‍රකාශ කළේ අනතුරින් තුවාල ලැබූවන් දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.

ට්‍රැක්ටර් රථයේ ටේලරය අමුණා ඇති කොටසින් ටේලරය ගැලවී ප්‍රධාන මාර්ගය හරහා පෙරලීයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.

අනතුර හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය විනාඩි 30ක පමණ කාලයක් එක් මංතිරුවකට සිමා කර තිබෙනවා.

COMMENTS