තේ වගාවට අධි ඝනත්ව වගා ක්‍රමයක්

තේ වගාවට අධි ඝනත්ව වගා ක්‍රමයක්

මෙරට තේ වගාවෙන් ලැබෙන අස්වැන්න ඉහළ නැංවීම සඳහා අධි ඝනත්ව වගා ක්‍රමය හා නව තාක්ෂණය තේ වගා ක්‍රමය තුළ ප්‍රචලිත කිරීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කුඩා තේවතු සංවර්ධන අධිකාරියට හා තේ සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

සාමාන්‍ය තේ වගා ක්‍රමය අනුව අක්කරයක තේ පැළ 6500ක් රෝපණය කළ ද මෙම අධිඝනත්ව වගා ක්‍රමය යටතේ තේ පැළ 13000ක් රෝපණය කළ හැකියි.

සාම්ප්‍රධායික ක්‍රමය අනුව අක්කරයකින් එක්වර නෙළාගත හැක්කේ තේ දළු කිලෝ ග්‍රෑම් 300ක් වූව ද, මෙම ක්‍රමය යටතේ තේ දළු කිලෝ ග්‍රෑම් 1500ක ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ලැබේ.

තේ දළු නෙලීම සඳහා නව තාක්ෂණික උපකරණ ද පහසුවෙන් යොදා ගැනීමට හැකි බැවින්, මිනිස් ශ්‍රමය වැඩි වශයෙන් අවශ්‍ය නොවන බවත්, එම නිසා ආදායම පස් ගුණයකින් පමණ ඉහළ නංවා ගැනීමට වගා කරුවන්ට හැකි බවත් අමාත්‍යවරයා එහි දී සඳහන් කළා.

කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා තේ සංවර්ධන මණ්ඩලය විසින් දැනට මෙවැනි ආදර්ශ තේ වගා ව්‍යාපෘති 52ක් ක්‍රියාත්මක කර තිබෙන අතර, එම වගා කරුවන්ට අක්කරයකට රුපියල් ලක්ෂ 10ක් බැඟින් මුදල් නැවත අය කර ගැනීමකින් තොරව මුල්‍යාධාර ලබා දී තිබෙනවා.