පොලිස්පතිගේ සේවා දිගුව මෙම සතියේ අවසන්

පොලිස්පතිවරයාට ලබා දී ඇති සේවා දිගුව මෙම සති අන්තයේ දී අවසන් වීමට නියමිතයි.
වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට තුන් වැනි වරටත් සේවා දිගුවක් ලබාදීමට තීරණය කළ අතර, එය නොවැම්බර් මස 03 වැනිදා සිට බලපැවැත්වුණා.
සති 03ක කාලයක් සඳහා මෙම සේවා දිගුව ලබා දුන් අතර, ඔහුට මේ වන විට අවස්ථා 04ක දී සේවා දිගු ලබා දී තිබෙනවා.
පොලිස්පතිගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව වාර්තා වෙනවා.
මෙම තත්ත්වය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ ද කිසියම් බෙදීමක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.
ඊයේ (18) දිනයේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී ඇති අතර, එහි දී පොලිස්පතිවරයාගේ සේවා දිගුව ප්‍රතික්ෂේප වුණා.
පොලිස්පති ධූරය සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු සිටිය ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ නම මීලග පොලිස්පති ධූරය සදහා නම් කිරීම හේතුවෙන් කිසියම් අර්බුදයක් මතුව ඇති බව වාර්තා වෙනවා.

