2023 ක්‍රිකට් ලෝක කුසලානය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරඟය අද (19) පැවැත්වීමට නියමිතයි.
ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර ඉන්දියාවේ, අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී යි.
මූලික වටේ තරඟ 09න් 09ම ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළා.
ඉන්දියාව මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කරන බවට සමාජ මාධ්‍යය තුළ මේ වන විටත් පුවත් පළවෙමින් පවතින අතර, ඒ සඳහා අයිසීසී නීති, තාක්ෂණය සහ තණතීරු යොදා ගැනීම ආදී නොයෙකුත් උපක්රමයන් ඉන්දියාව විසින් අනුගමනය කරනු ලැබ ඇති බව එම සමාජ මාධ්‍ය පුවත්වල සටහන් ව තිබෙනවා.
ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරඟයකට ක්‍රීඩා කරන 08 වැනි අවස්ථාව මෙයයි.
අවස්ථා 05ක දී ඔවුන් ලෝක කුසලානය දිනාගත්තා.
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව මීට පෙර එක් අවස්ථාවක දී අවසන් මහා තරඟයක හමු වී තිබෙන අතර, එහි දී එවකට ලොව සිටි ප්‍රබලම ක්‍රිකට් කණ්ඩායමක් වූ ඔස්ට්‍රේලියාව හමුවේ ඉන්දීය කණ්ඩායම පරාජයට පත් වුණා.
ඒ, 2003 ලෝක කුසලාන අවසන් මහා තරඟයයි.
ඉන්දියාව අවසාන මහා තරඟ 03ක ක්‍රීඩා කර ඇති අතර, ඉන් අවස්ථා දෙකක දී ශුරතාව දිනා ගත්තා.
ඒ, 1983 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ 2011 දී ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින්.
අද තරඟය මෙරට වෙලාවෙන් පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතයි.

