19න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අහිමිවෙයි

2024 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.
ක්‍රික්බස් වෙබ් අඩවිය පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය ගැටලු හේතුවෙන් එම තීරණය ගත් බවයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හමුවක් මේ වන විට අහමදාබාද් හිදී පැවැත්වෙනවා.

