2024 අයවැය දෙවන වර කියවීම සම්මතයි

2024 අයවැය දෙවන වර කියවීම සම්මතයි

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

අයවැයට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 77ක් ලැබුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් මස 13 වන දා ලබන වර්ෂය සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට (22) දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

COMMENTS