ළමා ගැබිනියන් දෙදාහක් – ගීතා කුමාරසිංහ

ශ්‍රී ලංකාව තුළ ළමා ගැබිනියන් 2287ක් වාර්තා වන බව පවුල් සෞඛ්‍ය සංවර්ධනයේ වාර්තාවක සඳහන් වී ඇති බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ පෙරේදා (20) පාර්ලිමේන්තුවේ දීය.
මීට ප්‍රධාන හේතුව වන්නේ මව විදේශ ගතවීම, මව පියා දෙදෙනාම රැකියාවලට යාම හා මව්පියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි බවයි ගීතා කුමාරසිංහ පවසන්නේ.
මේ සම්බන්ධ ප්‍රශ්නවලට මුහුණ දෙන දරුවන්ට නොමිලේ නීති කටයුතු කර ගැනීමේ අවස්ථව ලබා දීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් පවසනවා.

