සනත් නිශාන්තට පාර්ලිමේන්තුව සති දෙකකට තහනම්

සනත් නිශාන්තට පාර්ලිමේන්තුව සති දෙකකට තහනම්

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට පාර්ලිමේන්තුව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව අද (22) සිට සති 2ක කාලයක් සඳහා මෙම තහනම පැනවෙනු ඇති.

ඊයේ (21) පාර්ලිමේන්තුවේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය වන ඊයේ (21) රැස්වූ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් කරමින් සිටින අවස්ථාවේ එම ස්ථානයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කඩාවැදීමත් සමග මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන තිබුණා.

එහිදී වේත්‍රධාරිවරයා සහ නියෝජ්‍ය වේත්‍රධාරියා විපක්ෂනායකවරයා ඉදිරිපිට රැදී සිටිමින් ඔහුට ආරක්ෂාව සැළසූ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විපක්ෂනායකවරයාගේ මයික්‍රෆෝනයෙන් අදහස් දක්වන අයුරුද දක්නට ලැබුණා.

COMMENTS