උසස් පෙළ විභාගය ආරම්භය – ජනවාරි 04

උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද (22) නිෂ්ප්රභවීම සහ ඉල්ලා අස්කර ගැනීම නිසා සැළසුම් කර ඇති පරිදි විභාගය පවත්වන බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ සැළසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වන දා සිට 31 දක්වා පැවැත්වීමට නියමිත බවයි.


