සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ගෙවීම් අද සිට ප්‍රතිලාභීන්ට

සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ගෙවීම් අද සිට ප්‍රතිලාභීන්ට

පවුල් 1,377,000ක් සඳහා සැප්තැම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8571ක අස්වැසුම ගෙවීම් බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

එම මුදල් අද සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එසේම අස්වැසුම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරා ගත් පුද්ගලයින්ට ජුලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිලාභ ගෙවීමට සැලසුම් කර තිබෙනවා.

COMMENTS