O/L විභාගයේ ප්‍රතිඵල මේ මාසයේ අවසානයේ

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
ඔහු සඳහන් කළේ, මේ දිනවල විභාග ප්‍රතිඵල පරිගණක ගත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් සිටින බවයි.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා පාර්ලිමේන්තුවේ සඳහන් කළේ ඉදිරි දින දෙක තුල සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කළ හැකි බවයි.

